114

416 83 65
                                    

"අප්පච්චි අර රිපෝර්ට් ටික දෙන්න." ගෙදර ගිය ගමන් මම අප්පච්චිගෙන් ඉල්ලුවේ සතුර්කගෙ නමට තිබ්බ සිම් එකෙ විස්තරේ. මේක ඇදුනා හොදටම ඇති.

"ඉන්න ඉන්න..." අප්පච්චි වටපිට බලලා එයාගෙ රූම් එකට ගිහින් රිපෝර්ට් ටික අරන් මගෙ අතේ තිබ්බා. මට එතනින් එයා කා එක්කවත් කතා කරන්න ඕනේ නැති නිසා මම ගියෙ ගෙස්ට් රූම් එකට.

ඒ සිම් එක රෙජිස්ටර් වෙලා තියෙන්නෙ මීට මාස 3කට උඩදී වගෙම ඒකත් සතුර්කගෙ නමට. ඔක්කොම විස්තර එක්ක බලද්දි සතුර්ක ලංකාවට ආව දවස් වල තමයි සිම් එක අරගෙන තිබ්බේ. මාත් එක්ක සෙල්ලම පටන් ගන්න තරම් පූර්ණා මෙහෙම දෙයක් පටල ගනී කියලා හිතන්න අමාරුයි. මොකද එයා දන්නවා මම කොහොම මිනිහෙක්ද කියලා. ස්පේශල් සතූව ඇපේට ගන්නෙ නෑ.

"මොකක්ද ලමයෝ ප්‍රශ්නේ." අප්පච්චි මගෙ ලගට ඇවිත් ඉද ගත්තා.

"අප්පච්චි..."

"උඹ තනියම මෙහෙම ඉන්න එක නෙවේ වෙන්න ඕනේ. මොකක්ද ප්‍රශ්නේ."

"අප්පච්චි සමනලිගෙ මරණේ ගැන... මම ඒ සාක්ෂි ඔක්කොම මීඩියා ලීක් කරා. දැන් කොහොමත් චූටි නැන්දාටවත්, සාදීටවත් ගැලවෙන්න බෑ. එත් අනික් ඒවාට අත නොගහා මට ඕනේ වුනේ පැත්තකට වෙන්න."

"වෙන්න දෙන්නෙ නැද්ද?" අප්පච්චි මගෙ අතින් රිපෝර්ට් එක අරගෙන ඇහුවාම මම නෑ කියන්න වගෙ ඔලුව දෙපැත්තට වැනුවා.

"ඒක සාමාන්‍ය දෙයක්. එක සමාන දේවල් වුනාම එකක් එළියට දාපුවාම අනික් අය ඇවිස්සෙනවා. මගෙ සේවා කාලේ ඇතුලේ මට මතක අවංකව වැඩ කරපු අය හිටියෙ ටික දෙනෙක් විතරයි. ඒ ටික දෙනාටත් ඔහොම ප්‍රශ්න ගොඩක් ආවා. සමහරු සදහටම එයාලගෙ වෘත්තීන් වලින් අයින් වුනා. ඒ අයට උදව් වුන අපිට දඩුවම් මාරු වීම් ආවා. ඉතින් ඔයා අකමැත්තෙන් වුනත් අත ගැහුවේ වැරදි දේකට."

"ඒ කියන්නෙ මේකෙ අවසානෙයක් නොදැක මට බැරිද මගින් හැරෙන්න.."

"දැන් බෑ... සමනලිගෙ මරණේ ගැන එළියට දාපු ගමන් ඔයා හිර වුනා. එත් ඇයි මේ දරුවගෙ සිම් එකක්."

"එයා මාත් එක්ක විහිලු කරලා අප්පච්චි..."

"උඹට ඔය ලමයව එච්චරට විශ්වාසද?"

❄ ශීත 🍻Where stories live. Discover now