03

178 23 2
                                    

පහුවදා සත්රූ ඉස්කෝලේ ගිය ගමන් වැඩ ඇල්ලුවේ පොඩි ලමයෙක්ගෙ කොණ්ඩෙන්. කොහෙ තියන තරහවල්ද මන්දා එකපාරටම ඇක්ටිව් වෙනවා.

" ඒ පොඩි එකා "

" ඔව් ඔව් මම තමයි. මෙහෙ එනව "

" උඹ ඉස්කෝලෙද ආවෙ. කොණ්ඩෙ වැඩි හෙට කපාගන එනව "

ඕක තමා සත්රූගෙ විදිහ. යාලුවො ලග කොච්චර ආතල් චරිතයක් වුනත් HP බැජ් එක ඇදුමෙ ගහගත්ත ගමන් කොහෙදෝ ඉන්න යකෙක් ඇගට එනව. සමහර වෙලාවට ඔය බැජ් එක ගහගත්තම යාලුවන්ගෙ තියන අඩුපාඩුත් පේනව.

" මොකද යකෝ කෑ ගන්නෙ "

ඒ සිතුම්. ඩිවුටි වෙලාවට සත්රූ යන හැම තැනක ඉදිකට්ට පස්සෙන් නූල යනව වගේ සිතුමුත් යනවා. ආයු , යෙනුජ දෙන්නා GC , DGC හින්දා උදේට ඉස්කෝලෙ වටේ ඇවිදින්න එන්නෙ නෑ. එයාල ක්ලාස් එලට වෙලා පාඩුවේ ඉන්නවා.

" අරූට මං ඊයේත් කීව කොණ්ඩෙ වැඩී කපාගන වරෙන් කියලා. ඌ කියන දෙයක් අහන්නෙම නෑ "

ඔන්න ඉතින් සත්රූ පොඩි එකා වගේ සිතුම්ට විස්තරේ පැහැදිලි කරන්න ගත්තා. සිතුම් වුනත් බැජ් එක ගහගත්තම අමුතුම යකෙක් ඇගට ආරූඪ කරගන්නවා. හැබැයි සත්රූ වගේ ඕන දේටයි එපා දේටයි ඔක්කොටම කෑගහන්න යන්නෙ නෑ හරිම පරිස්සමෙන් වැඩ ටික කරගන් යනවා. කතා කර කර මේන් ගේට් එක පැත්තට යනකොට උනේ සත්රූ සිතුම් දෙන්නා කොහෙත්ම් බලාපොරොත්තු නොවුන දෙයක්.

7.10 , 7.15 කියන්නෙ ඉවේන් ඉස්කෝලෙට එන වෙලාව. සත්රූ සිතුම් දෙන්නත් ගේට් එක ලගට ගියේ ඒ වෙලාවෙ. ඉවේන් කවදාවත් නැතුව හිනාවෙලා ආවෙ ඊයෙ සිද්ධිය ගැනකතා කරන්න් කියලා තේරුන සත්රූනන් සිතුම්ට විතරක් ඇහෙන විදිහට උඹට ඕන මගුල්ක් කරගනින් කියලා එතනින් යන්න ගියා. ඒත් සිතුම්ට එතනින් යාගන්න බැරි වුන හින්දා එයාට ඉවේන් එක්ක කතා කරන්න වුනා.

" මල්ලි ආයු කෝ "

ඉවේන්ගෙ පලවෙනි ප්‍රශ්නෙ ආයු. පලවෙනි විතරක් නෙමේ හැම ප්‍රශ්නයක්ම ආයු කියලා දැනගත්ත සිතුම් ඒකට ලා හිනාවක් දීලා යන්න හැදුවේ ආයුගෙ ප්‍රශ්න දන්නෙ තුන්දෙනෙක් විතරක් හින්දා. ඒත් සිතුම්ට යන්න බැරි වුනේ ඉවේන් පාර හරස් කරා. සිතුම් ආයමත් ඔලුව උස්සලා ඉවේන් දිහා බැලුවෙ එක ඇහිබැමකුත් උස්සලා.

ආයු ( Non fiction )Where stories live. Discover now