28

59 10 1
                                    

" ආයු ඔක්කොම හරිනෙ " ගෙදරින් එලියට බහිනවත් එක්කම යොවිදු ඇහුවෙ ආයුගෙ පැත්ත හැරිලා

" මේ ෆයිල්ස් දෙකේ අවුලක් නැත්තන් කිසි ප්‍රශ්නයක් නෑ "

" ඒක අපි ගිහින්ම බලමු "

යොවිදු , ඉවේන් ,ආයු තුන්දෙනඅ උදේම ලෑස්ති වුනේ රිසෝට් එකට යන්න. අනිත් අය එන්න බෑලුනෙ. කොහෙ හරි ඇවිදින්න් යනවනන් එන්නල්ලු.

" අපි මාමා එක්ක යන්නද "

" අපිත් එනකන් ඉන්නවලා " යෙහාන් කීව දේට ඒ පාරනන් උත්තර දුන්නෙ ඉවේන්.

" හා හා ඉතින් "

" අපි කලින් ආවොත් කියන්නන් මාමා එක්ක ටවුන් එකට එන්න "

" දැන් මාව දාලා යන්නද ප්ලෑන් එක " රිසෝට් එකට යන්න ලෑස්ති වෙලා එලියට ආව ගමන් ඇහුවෙ ඒක

" එතකොට ඔයත් එනවද "

" ම්ම් ඔව් "

" මේ සුදු මහත්තයෝ ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් එක්ක තනියම රවුන් ගහන්න වෙන්නෙ නෑ මේ මාමා ඉන්නකන් මතක තියාගන්න " මාමා ඒකනන් ඇහුවෙ ආයුගෙ කනට කරලා එයාට විතරක් ඇහෙන විදිහට.

" තනියම යන්නෙ කවුද ? අනිත් එක මිස්ටර් ආර්‍යන් ඔයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැද්ද අප්පා " ආයුත් මාමාට උත්තර දුන්නෙ අනිත් අයට ඇහෙන්නැතිවෙන්න හිමින්

" මට කවද්ද බං ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියෙ පුළුවන්නන් මටත් ඔයා ඇමති පුතා හොයාගත්තා වගේ කෙල්ලෙක් හොයල දෙන්නවකො සුදු මහත්තයෝ "

" අනේ මේ ඇමති පුතා හොයා ගත්ත විදිහ මගෙන් අහන්න එපා හරිද "

දෙන්නගෙ රහස් සාකච්චාව ගැන බලන් හිටිය අනිත් අයටනන් තේරුනේ මේ මාමයි පුතයි බැන ගන්න එක විතරයි. සීතල යුද්ධයක්  ආච්චිටයි සීයටයිනන් මේක අමුතු දේවල් නේමේ. මේ දෙන්නත් හරියට ඉවේන් යෙහාන් දෙන්නා වගේම තමා

" දැන් ඉවරද " ඒ ආච්චි. සීතල යුද්දෙ නතවෙන්නෙම නැති තැන තමා ආච්චි කතා කරේ. නත්තන් අද කට්ටියට යන්න වෙන්නෙ නෑ.

" ආ.. මේ අපි කතා වුනේ රිසෝට් එකට ගිහින් ඇවිල්ලා යමු කියලා නේද ආයු " මාමා වැලමිටෙන් අනින ගමන් ආයුට කියද්දි එයත් කටුස්සා වගේ ඔලුව උඩ පහල කරා.

ආයු ( Non fiction )Where stories live. Discover now