❄️03🔥

224 27 18
                                    

"හිතින් බයින එක නවත්තපන් මගෙ නහය දනවා චුටි "

"මට වෙන වැඩ නැනේ ඔහෙට බයිනවා ඇරෙන්න...මම යනවා අනේ...ඔයාලා එක්ක හිටියොත් මම නරක් වෙනවා ...රෑ කැමට සෙට් වෙමු...අපි ගියා සහෝ...."

මම කට පුම්බලා ආවා එන්න...නා කියාගෙන ඇදේ පෙරලුනේ ඇමති පුතාගෙන් මැසෙජ් එකක් ඇවිත් ද කියලා බලන්න වුනත් තාම නැ...අනික එයා ඇයි මට මැසෙජ් දාන්නේ...හොදට කතා කරා කියලා එයා මගේ යලුවෙක් වෙන්නෙත් නෑනේ...

ෆෝන් එක පැත්තට දාපු මම ඇද බදාගෙන පෙරලුනෙ අම්මා කන්න කතා කරන්නම් වුනත් ඊට කලින් මගේ ෆෝන් එක රීන් වුනා .

ගෞවී අයියා ....මම එයාගේ නම්බර් එක සේව් කර ගත්තේ ඒහෙම..හෙතුවක් නැ නිකන් එහෙම කරේ හොදේ..වැරදිහට හිතන්න එපා ..මේ දරුවා හරි හොදයි....

"Hello අයියා.."

"මම දැන් ගෙදර ආවේ නුවී "

"මම එත් බැලුවා ඇයි මැසෙජ් එකක් නැත්තේ කියලා ,පරිස්සමට ගියානේ නේද අයියා"

"හ්ම්.ඔව්...මැසෙජ් එකක් දානවට වඩා කෝල් එකක ගත්තේ දෙයක් කියන්න."

"මේ මට දෙයක් කියන්න..මොකක්ද අප්ප ඒ..."

එයා හිනා වෙනවා....ඒ පාර...

"ඇයි අනේ හිනා වෙන්නේ...."

"ඔයා හරි හුරතල් බන්..වැඩේ තියෙන්නේ මම ලග ඉන්නකොට ඔය හුරතලේ නෑනේ..."

"ඒ ඔයාට තියෙන ගෞරවේ නිසා.හරි හරි කියන්නකෝ ඉතින් ..මගේ හුරතලේ ගැන කතා නොකර අනේ .."

එහෙම කිව්වට මොකො මම කතා කරේ හුරතල් විදිහට තමා.

"හෙට චන්දුලාගේ ගෙදර යන්න ඔනේ...අර බෙලි ගෙඩි ටික හොයලා සුද්ද කරලා දෙන්න..ඔය මල්ලි බබාට එන්න පුලුවන් ද අපිත් එක යන්න...කැලුම් කිව්වා හෙසදු යන කතාවක්..."

"මේ හෙඩා අයියා..ඔහොම ලයින් එකේ ඉන්නවද..මම අම්මගේන් අහලා කියන්නම්.."

"හරි පැටියෝ"

එයා මට පැටියෝ කිව්වා නේද...ඇමති පුතා මට පැටියෝ කිව්වා...ලැජ්ජයි හයියෝ...දැන්නම් මොකක්ද මොකක්ද වගේ අනේ..මම ඉක්මනට කුස්සියට දිව්වේ අම්මා හොයන්න...

Touch my soul (yizhan )Where stories live. Discover now