❄️31🔥

129 17 12
                                    

එහෙනම් අපි ගිහින් එන්නම්... අනිදා දිහා යමු හොටෙල් බුක් කරන්න ."

"හරි මසිනේ...මම හෙට හවස ඒ පැත්තේ එන්නම් ..."

මම හිටියේ කැබ් එකට නැගලා වෙනකොට එයා කැබෙකේ දොරට හෙත්තු වෙලා මන් දිහා බලන් ඉන්නවා....

" ඇයි අයියා ..."

"යන්න දෙන්න ලෝබයි බන්... "

එහෙම කියන ගමන් එයා මව ඇදල අරන් නළලට හාදුවක් තිබ්බා ... දැන් ඉතින් මටත් එයාව දලා යන්න ලෝබයි වගේ.....

" අනේ බන් ...එක්කෝ කොල්ලා තියලා පලයන් .පෙනවනේ ...දැන් නුවී දරුවා ගියපු ගමන් අපේ එකා ගැනි මැරිච්ච මිනිහා වගේ හුල්ල හුල්ල ඉන්නවා ."

"අනේ අප්පච්චි , මොනවද අනේ කියවන්නේ.. නුවීලා යන්න හදන්නේ... "

"මූ බලපන්කෝ බන්...."

"එහෙම තමා...අප්පච්චි අම්මට ආදරෙයි වගේ තමා මාත්මගේ මැණිකට ආදරෙයි .... "

" හාකෝ...හාකෝ... එහෙනම් මගේ බෑනා අරන් පරිස්සමෙන් පලයන්....."

අපි එයාලට සමු දිලා ගෙදර එනකොට වෙලාව රැ 8.30 ත් කිට්ටු කරලා තිබ්බා...එන ගමන් කොත්තු අරන් ආව නිසා රෑට උයන්න ඔනේ නැති වුනා අම්මාට....ඇත්තටම කිව්වොත් අපේ ගෙදර අය ඉන්නෙම සතුටින් මේ කසාදේ ගැන...

අයියාට කතා කරලා ඉවරවෙලා ඇදට වැටුනේ මනෝ පාරක් ගහලා නිදා ගන්න කියලා...හී...මනෝ ගන්නද දැන් හේතු නැත්තේ....අම්මෝ කසාද ජිවිතේ ගැන හිතනකොටත් ඇග මොකක්ද වෙලා යනවා හයියෝ....

දින කියන්නේ හුලග වගේ ගහාගෙන යනදෙයක්ද මන්දා... කාලේ ගතවෙලා ගියේ හිනෙන් වගේදෝ කියලත් හිතෙනවා... වෙඩින් එකට හොටෙල් බුක් කරලා... වෙඩින් කාඩ් ගහලා ඔක්කොම කරලා ඉවරයි... අපේ ගෙවල්වල මිනිස්සු ගැරඩියාට භූමි තෙල් ගහලා වගේ වැඩ.... අද කැවුම් හදනවා.... අනේ මන්දා ඉතින්... තව වෙඩින් එකට දවස් හතරක් වගේ තියෙන්නේ.....

" පුතා මගේ ෆීල්ඩ් එකේ අයට කාඩ් දිලා ඉවරයි , ඔයා නුවී පුතා එක්ක ගිහින් යාලුවොන්ට කාඩ් ගිහින් දිලා එන්න..."

"හා...අප්පච්චි...."

" ආ...දෙන්නා කාර් එකේ යන්න..බයික් එකේ යන්න එපා...."

Touch my soul (yizhan )Onde as histórias ganham vida. Descobre agora